ගොවි පුතුන් බලයට පැමිණ මෙරට ගොවි ජනතාව මුළුමනින්ම අනාථ කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසනවා.
ඔහු මේ බව සඳහන් කර සිටියේ අවිස්සාවේල්ල ප්රදේශයේ “රටවැසි විපක්ෂය- එක්වෙමු පෙරට” තේමාව මුල් කරගෙන පැවති ජන හමුවකට එක්වෙමිනි.
ජන හමුව අමතමින් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් මෙලෙස සඳහන් කළා.
” දුන්නොත් ලොරි ටෝක් දැන් මොකද වෙලා තියෙන්නේ. වසන්ත සමරසිංහ කෝච්චියේ ටොපි විකුණුවා කිව්වා.බලය ගන්න කලින් බලය ගත්තට පස්සේ මෙතන බොලේ වත්කම් බැරකම් එළියට ආවා.ප්රකෝටිපතියෙක්. මං දන්න විශ්ව විද්යාල කථිකාචාර්යවරයෙක් ඉන්නවා. ඔහු මාසිකව කාලයක් තිස්සේ එයාගේ වැටුපට රුපියල් 3500ක් දැම්මා. ආයතනවල යූනියන් හදලා ක්රියාමාර්ග නොගෙන ඉන්නම් කියනවා.
දැන් ඔය ඇවිත් තියෙන්නේ ගොවි පුතුන්. මීට කලින් හිටපු අය ගොවී නොවන පුත්තු. හැබැයි අනාථ කළේ නැහැ ගොවියා. ලුනූ ටික දෙන්න වටේ මැනලා ගන්න කියනවා. මොළේ මැනලද ඡන්දය දුන්නේ. ගොවි ජනතාව මුළුමනින්ම අනාථ කරලා” යනුවෙන් ඔහු සඳහන් කළා.








