අයවැයකින් වෙන් කළ මෙරට ඉතිහාසයේ වැඩිම මුදල මෙවර ජනාධිපති වැය ශීර්ෂයට වෙන් කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ අද ආරම්භ වූ 2026 අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින්.
මේ අතර, මේ වසරේ විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ අනුමත වූ ව්‍යාපෘති දෙසැම්බර් 15 ට පෙර අවසන් කළ යුතු බව දන්වමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් එය නිකුත් කර ඇත්තේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙතයි.
මීට පෙර පසුගිය ජනවාරී 29 වනදා නිකුත් කළ චක්‍රලේඛය මගින් අදාළ කටයුතු අද දිනට පෙර අවසන් කළ යුතු බව දන්වා තිබුණා.








