සමස්ත අප­රා­ධ­ව­ලින් සියයට 70ක විම­ර්ශන අව­සන්

මෙර­ටින් වාර්තා වී ඇති සමස්ත අප­රා­ධ­ව­ලින් 70%කට ආසන්න ප්‍රමා­ණ­යක විම­ර්ශන පවත්වා අව­සන් කිරී­මට පොලී­සි­යට මේ වන විට හැකි­යාව ලැබී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක, සහ­කාර පොලිස් අධි­කාරී එෆ්.යූ. වුට්ලර් මහතා පොලිස් මාධ්‍ය කොට්ඨා­සයේ දී ඊයේ (11) පැවැති මාධ්‍ය හමු­ව­කදී පැව­සුවේ පොලී­සි­යට වාර්තා වන අප­රාධ, වෙඩි­තැ­බීම්, අන­තුරු, බර­ප­තළ අන­තුරු විම­ර්ශ­නය කිරීම අභි­යෝ­ග­යක් වුවත් එම අභි­යෝග කඩි­න­මින්, ස්වාධී­නව හා බල­පෑ­ම­කින් තොරව විම­ර්ශ­නය කිරීමේ හැකි­යාව ශ්‍රී ලංකා පොලී­සි­යට හිමිව ඇති බවයි.

මෙලෙස වාර්තා වන අප­රාධ පුද්ගල එදි­රි­වා­දි­කම් පිරි­මසා ගැනී­මට සිදු කරන ඒවාද, කල්ලි කල්ලි අතර ඇතිවූ එදි­රි­වා­දි­කම් හේතු­වෙන් සිදු­වූ­වක් ද, වෘත්තී­මය හෝ ව්‍යාපා­රික කට­යුතු වශ­යෙන් ඇති වූ එදි­රි­වා­දි­කම් මත සිදු­වූ­වක්ද ආදී වශ­යෙන් විවිධ පැති ඔස්සේ විම­ර්ශ­නය කෙරෙන බවත් මෙම විම­ර්ශන සාර්ථක කර ගැනී­මට මහ­ජ­න­තාව දක්වන සහාය ගෞර­ව­ණීය බව ද ඒ මහතා පැවැ­සීය.

රන්මලී සෝම­සිරි, ශිමාෂා විර­ක්කොඩි