දේපොළ අත්තනෝමතික ලෙස ජන­සතු කිරීම වැළැ­ක්වීමට නව පන­තක්

ව්‍යව­සා­යන් සහ දේපොළ ඇතුළු පෞද්ග­ලික දේපොළ අත්ත­නෝ­ම­තික ලෙස ජන­සතු කිරීම වැළැ­ක්වීමේ අර­මු­ණෙන් ආයෝ­ජන ආර­ක්ෂ­ණය සඳහා නව පන­තක් හඳුන්වා දීමට රජය සූදා­නම් වෙයි. මීට අදාළ යෝජ­නාව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා විසින් මුදල්, ක්‍රම­ස­ම්පා­දන සහ ආර්ථික සංව­ර්ධන ඇමැ­ති­ව­රයා ලෙස කැබි­නට් මණ්ඩ­ල­යට ඉදි­රි­පත් කළ අතර ඊට අනු­මැ­තිය හිමිව තිබේ. ඵල­දායී විකල්ප ආර­වුල් විස­ඳීමේ යන්ත්‍ර­ණ­යක් ලෙස ආයෝ­ජන ආර­ක්ෂණ මණ්ඩ­ල­යක් ස්ථාපිත කිරීම සහ ආයෝ­ජ­ක­යන් සඳහා ප්‍රති­පත්ති ස්ථාව­ර­ත්වය සහ පුරෝ­ක­ථ­නය කිරීමේ හැකි­යාව සහ­තික කිරීම යන අර­මුණු ළඟා කර­ගැ­නී­මට මේ පන­තින් ළඟා කර ගැනී­මට 2025 අය­වැය මඟින් යෝජනා කර තිබිණි. ඒ අනුව, පනත් කෙටු­ම්ප­තක් සකස් කිරීම සඳහා සංකල්ප පත්‍රි­කා­වක් පිළි­යෙල කිරී­මට නිල­ධාරි කමි­ටු­වක් පත් කරනු ලැබ ඇත. එම කමි­ටුව විසින් සකස් කරනු ලැබ ඇති සංකල්ප පත්‍රි­කාව මත පද­නම්ව පනත් කෙටු­ම්ප­තක් සකස් කරන ලෙස නීති කෙටු­ම්පත් සම්පා­ද­කට උප­දෙස් දීමට ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා මේ කැබි­නට් යෝජ­නාව ඉදි­රි­පත් කර තිබේ.

නුවන් කොඩි­කාර