දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය රෝග 200කට පමණ හේතුවන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසයි.
දුම් රහිත දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය අවම කිරීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද පැවති වැඩමුළුවකදී මෙම අදහස් පලවුණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය හේමන්ත අමරසිංහ මහතා,
“දුම්කොළ සහ මද්‍යසාර ප්‍රධාන ලෙඩ 200කට හේතුවක්. දුම්කොළ සහ මද්‍යසාර නිසා දිනකට 110ක් මිය යනවා. මේ සංඛ්‍යාව වැඩිවන විට මියයන ගණනත් වැඩි වෙනවා. බුලත් විට භාවිතය අඩුවෙන්නේ නැහැ. කොච්චර දැනුම්වත් කළත් භාවිතය අඩු වෙන්නේ නැහැ.”
දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පවසා සිටියේ, “දුම්කොළ භාවිතයේ බරපතළ චිත්‍රයක් අප පසුපස තියෙනවා. දුම්කොළ භාවිතය නිසා එකවර මිය යන්නේ නැහැ. රෝගීන් වෙනුවෙන් විශාල මුදලක් වියදම් කරනවා. රුපියල් බිලියන 204ක් පමණ වියදම් කරනවා. අධිවේගී මාර්ග 3ක්, මොරගහකන්ද ජලාශ දෙකක් හදන මුදල්. එච්චර මුදල් ප්‍රමාණයක් අකාලයේ දවා අළු කරනවා.” යනුවෙනි.








