වව්නියාව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ඉකුත් ඔක්තෝබර් 31 වැනි දා රාත්‍රියේ හට ගත් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
මෙලෙස මිය ගොස් තිබුණේ අනුරාධපුර ජයසිරිපුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි ටී.එම්.එස්. නිර්මාල් වික්‍රමදාස නැමැති සිසුවා වන අතර, හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගත කිරීමේ දී මිය ගොස් ඇති බවයි සඳහන්.
කෙසේ වෙතත්, සිසුවාගේ ඥාතීන් චෝදනා කරන්නේ මෙම මරණයට නවක වද සිදුවීමක් හේතු වී ඇති බවත්, ජීවිතක්ෂයට පත් වන මොහොතේ සිසුවාගේ ශරීරයේ සැලකිය යුතු මට්ටමක මත්පැන් සාන්ද්‍රණයක් ද අන්තර්ගත ව තිබී ඇති බවට අනාවරණය වී තිබෙනවා.
සිය සොහොයුරාට වෙනත් කිසිඳු රෝග තත්ත්වයක් නො තිබූ බවත්, විශ්ව විද්‍යාලයේ නවක වදය සම්බන්ධයෙන් ද අවස්ථා කිහිපයක දී ම ඔහු පවුලේ අය සමඟ තොරතුරු පැවසූ බවත් මිය ගිය සිසුවාගේ සහෝදරිය ප්‍රකාශ කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.








