සංචාරක කර්මාන්තය තවදුරටත් නගා සිටුවීම සඳහා සංචාරක පනත සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සංශෝධනයට පියවර ගනිමින් සිටින බව විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසනවා.
ශ්‍රී ලංකා කුඩා හා මධ්‍යම සංචාරක ව්‍යාවසායක සංගමයේ 18 වන මහා සභාවාරයට කොළඹදී එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, සංචාරක කර්මාන්තය වර්ධනය කිරීම සඳහා සියලු ආයතන ඒකාබද්ධ ව්‍යුහයක් අවශ්‍ය වන අතර, ඒ සඳහා ජාතික සංචාරක කොමිසමක් පිහිටුවීමට අපේක්ෂා කරන බවයි.
එමෙන්ම මෙම පනත සංශෝධනය කිරීම සඳහා ඒ සම්බන්ධයෙන් දැනුම්ලත් විශේෂඥ කණ්ඩායමක් වෙත භාර දී ඇති බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.
මේ අතර 2025 වසර ආරම්භයේ සිට පසුගිය ඔක්තෝබර් 29 වැනිදා දක්වා කාළය තුළ මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව 1,878,557 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ගෙවුණු ඔක්තෝබර් මාසය තුළ පමණක් මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 153,063 ක් වන අතර, ඉන් වැඩිම සංචාරකයින් සංඛ්‍යාව වූ 44,741 ක් පැමිණ තිබෙන්නේ ඉන්දියාවෙන්.








