ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා නව නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙක් පත් කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා නව නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙක් පත්කර තිබෙනවා.

ඒ අනුව, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙක් ලෙස කටයුතු කළ ආචාර්ය සී. අමරසේකර සහ සහකාර අධිපති ලෙස සේවය කළ කේ.ජී.පී. සිරිකුමාර මෙලෙස නියෝජ්‍ය අධිපතිවරුන් ලෙස පත්කර ඇති බවයි නිවේදනය කර ඇත්තේ.

අදාළ නිවේදනය පහතින්.

 news images news images