විස මත් ව්‍යසනය පරදන ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ සමාරම්භය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ලබන 30 වැනිදා ආරම්භ කෙරේ. රට තුළ මත්ද්‍රව්‍ය හා පාතාලය මැඬපැවැත්වීමට ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කිරීම, මත්ද්‍රව්‍ය නිවාරණයට වෙනමම කාර්යාංශයක් ස්ථාපිත කිරීම, මත්ද්‍රව්‍ය රටට පැමිණීම වැළැක්වීමට නාවික, ගුවන් මාර්ග පරීක්ෂා කිරීමේ පහසුකම් වර්ධනය කිරීම, නවීන උපකරණ දීම සහ නිලධාරීන් පුහුණු කිරීම මේ යටතේ සැලසුම් කර ඇත. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන් විධිමත් කර මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඔවුන් මුදාගැනීමට, මත්ද්‍රව්‍ය වැරදිවලට දඬුවම් දැඩි කිරීමට සහ පාසල් දරුවන් දැනුම්වත් කිරීමට අඛණ්ඩ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය විසින් පියවර ගෙන තිබේ.
චමීර ඇල්ලදෙණිය, උපාලි කරුණාරත්න








