රියදුරු බලපත්‍ර ගාස්තු සංශෝධනයක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු අවසන් තීරණයක් ගෙන නොමැති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ පවසනවා.
මේ වසරේ ගාස්තු වැඩි කිරීම සම්බන්ධ සීමාව 15% ක් වන නමුත්, එය සංශෝධනය සඳහා වන උපරිම සීමාව මිස තීන්දු කළ අගයක් නොවන බව සඳහන්.
මෙම ගාස්තු සංශෝධනය සඳහා අවධානය යොමු වී ඇත්තේ සෑම අවුරුදු තුනකට වරක්ම ගාස්තු සංශෝධනයක් සිදුවන නිසා බවයි කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසා සිටින්නේ.
අවසන් වරට ගාස්තු සංශෝධනය සිදුකර ඇත්තේ 2022 වර්ෂයේදීයි.
ඒ අනුව වසර තුනෙන් තුනට සියයට 15 ගාස්තු සංශෝධනයක් සාමාන්‍යයෙන් සිදු විය යුතුව තිබුණද, මේ වසරේ ගාස්තු සංශෝධනයක් සම්බන්ධයෙන් තාමත් අවසන් තීරණයකට එළඹ නැති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.








