අධ්‍යක්ෂ ජනරාල්ට ලේකම්වරයා දුන් සේවා දිගුව ඇමති අවලංගු කරයි

විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ එච්.පි. නිරෝෂාන්ගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීමට අමාත්‍යංශ ලේකම්වරයා කටයුතු කර තිබූ අතර, එය විෂයභාර අමාත්‍ය කුමාර ජයකොඩි විසින් අවලංගු කර තිබෙනවා.

බලශක්ති අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේ විෂයභාර අමාත්‍ය කුමාර ජයකොඩි විදෙස් ගතව සිටි කාලයේදී ඔහුට නොදන්වා මෙම සේවා දිගුව ලබා දී ඇති බවයි.

කෙසේවෙතත් අමාත්‍යවරයාගේ අනුදැනුමකින් තොරව මෙම සේවා දිගුව ලබා දී ඇති බැවින් එය වහාම අවලංගු කරන ලෙසටයි අමාත්‍යවවරයා උපදෙස් දී ඇත්තේ.

ඒ අනුව මේ වන විට විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර පුරප්පාඩුව පවතින බවයි වාර්තා වන්නේ.