මඩකලපුව – පොළොන්නරුව මාර්ගයේ වාලච්චේන, වාහනේරි ප්‍රදේශයේදී වෑන් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 08 ක් තුවාල ලබා තිබෙනවා.
ඔවුන් වාලච්චේන රෝහලට ඇතුළත් කර, ඉන්පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී එක් පුද්ගලයකු මිය ගොස් තිබෙනවා.
ඔහු වයස අවුරුදු 74 ක් වූ වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම වෑන් රථය එම දිසාවටම ඉදිරියෙන් ධාවනය වූ බවුසර් රථයකට පසුකර ඉදිරියට යාමේදී, ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයේ ගැටී අනතුර සිදු වී තිබෙන බව සඳහන්.








