මන්නාරම – මැදවච්චිය මාර්ගයේදී සිදුවූ මාරක රිය අනතුරකින් සුඛෝපභෝගී බස් රථය ගමන්ගත් මහේස්ත්රාත්වරයකු සහ ඔහුගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියා තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසනවා.
මෙම අනතුරින් තවත් තවත් 15 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවට වාර්තා වනවා.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මුරුංකන්, ආසිකුලම් පදිංචි එම් ජයදරන් (29) නම් පුද්ගලයෙක්.
අනතුරට ලක්වූ පුද්ගලික සුඛෝපභෝගී බස් රථය කොළඹ සිට මන්නාරම බලා ධාවනය වෙමින් තිබියදී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුර සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
රියදුරු පවසා ඇත්තේ බස් රථය පාලනයකින් තොරව ලිස්සායාමෙන් අනතුර සිදුවූ බවයි.
මෙම අනතුර ඔක්තෝබර් 22 වැනි දින අලුයම පමණ කිලෝමීටර් 35 සහ 36 කණු අතර ප්රදේශයේදී සිදුවී ඇති බව සඳහන්.
අනතුරෙන් තුවාල ලැබූ මහේස්ත්රාත්වරයා සහ ආරක්ෂක නිලධාරියා පිළිවෙලින් වවුනියාව රෝහලට සහ මන්නාරම රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
පොලිසිය පවසන්නේ තුවාල ලැබූ කොස්තාපල්වරයා ඇතුළු බොහෝ දෙනෙකු මේ වනවිට ප්රතිකාර ලබා රෝහලින් පිටව ගොස් ඇති බවයි.
මහේස්ත්රාත්වරයා තවදුරටත් ප්රතිකාර ලබමින් සිටින බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ද පොලිස් ආරක්ෂාව යටතේ රෝහල්ගතව ප්රතිකාර ලබමින් සිටින බව සඳහන්.