නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී 01 ශ්‍රේණියේ සහ 06 ශ්‍රේණියේ විෂය මාලාවන් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා වූ උපදෙස් සංග්‍රහය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ප්‍රාථමික අධ්‍යාපනය අවධි තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, 1 හා 2 ශ්‍රේණි පළමු ප්‍රධාන අවධිය ලෙසත්, 3 හා 4 ශ්‍රේණි දෙවන ප්‍රධාන අවධිය ලෙසත්, 5 වැනි ශ්‍රේණිය තෙවන ප්‍රධාන අවධිය ලෙසත් වෙන් කර තිබෙනවා.
ප්‍රාථමික අංශයේ පළමු වන සහ දෙවන ප්‍රධාන අවධීන් හි පාසල් පවත්වන කාලයේ කිසිදු වෙනසක් සිදු නොවන අතර, තෙවන ප්‍රධාන අවධිය වන 5 ශ්‍රේණිය පෙරවරු 7.30 සිට පස්වරු 2.00 දක්වා පාසල් පැවැත්වීමට නියමිතයි.
එසේම, පළමු ශ්‍රේණියේ සිසුන් සඳහා පෙළපොත් වෙනුවට නව විෂය නිර්දේශයට අදාළව ජාතික අධ්‍යාපන ආයතනය මඟින් සම්පාදිත ක්‍රියාකාරකම් පොත් ලබා දීමටද නියමිතයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ කනිෂ්ඨ ද්විතීයික අධ්‍යාපනය 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මක වන අතර, ලබන වසරේ සිට 6 ශ්‍රේණිය සඳහා නව විෂය මාලාවක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.
කනිෂ්ඨ ද්විතීයික මට්ටමේදී සියලු සිසුන් අනිවාර්යය විෂයන් 14 ක් හැදෑරීමට අවශ්‍ය වන අතර, ක්‍රීඩා, සමිති, සමාගම් සඳහා සහභාගී වීමට ද සෑම දරුවෙකුටම අවස්ථාව ලබා දී තිබෙනවා.
එම අනිවාර්යය විෂයන් 14 මොඩියුල මඟින් ඉගැන්වීමට අපේක්ෂා කෙරෙන අතර, විෂයයන් අනුව වාරයකට ඉගෙනීමට අවශ්‍ය මොඩියුල සංඛ්‍යාව තීරණය වනවා
කනිෂ්ඨ ද්විතීයික අංශයේ පාසල් පැවැත්වෙන කාලය පෙරවරු 7.30 සිට පස්වරු 2.00 දක්වා වන අතර, මිනිත්තු 50 බැගින් කාල පරිච්ඡේද 7 ක් පැවැත්වෙනවා.
ලබන වසරේදී නව විෂය මාලා පාසල තුළ ක්‍රියාත්මක කිරීමට මූලික ක්‍රියාවලිය ක්‍රියාත්මක කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.
අදාළ උපදෙස් සංග්‍රහය පහතින්.