රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ දෙවැනි සහ තෙවැනි වසරවල සිසුන්ට එම පීඨයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, එම සිසුන්ට වහාම නේවාසිකාගාරවලින් පිට වී යන ලෙසට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය දැනුම් දී ඇති බව සඳහන්.
මාපලානේ පිහිටි කෘෂි විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් සිසුන් 6 දෙනෙකුට තුවාල සිදු වී ඇති අතර, සිසුන් 21 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.