ගුවන් තොටුපොළෙන් නිකුත් කරන රියදුරු බලපත්‍ර සඳහා අය කරන ගාස්තුව රුපියල් 15,000 දක්වා ඉහළට

ගුවන් තොටුපළ හරහා නිකුත් කරන ලබන රියදුරු බලපත්‍ර වෙනුවෙන් අය කරන ගාස්තුව වැඩි කිරීමට තීරණය කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඒ අනුව, එම ගාස්තුව රුපියල් 15,000 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බවද, මේ වන විට අය කරන්නේ රුපියල් 2,000 ක් පමණක් බවද උත්සවයක් අමතමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඊට අදාළ ගැසට් නිවේදනය ද ඉදිරියේදී නිකුත් කිරීමට පියවර ගන්නා බවයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.