දමිළ මාධ්‍ය පාස­ල්ව­ලට හෙටත් නිවාඩු

අදට යෙදී ඇති දීපවාලි උත්ස­වය නිමි­ත්තෙන් දමිළ මාධ්‍ය පාස­ල්ව­ලට හෙට (21) දිනයේ ද නිවාඩු දීමට පළාත් අධ්‍යා­පන බල­ධා­රීන් තීර­ණය කර තිබේ.

දීපා­වලී නිමි­ත්තෙන් අද (20) සිය­ලුම පාස­ල්ව­ලට නිවාඩු දී ඇති අතර, උතුරු – නැඟෙ­න­හිර, ඌව, මධ්‍යම පළාත් පාස­ල්ව­ලට මෙසේ විශේෂ නිවා­ඩු­වක් ලබා දීමට පළාත් ආණ්ඩු­කා­ර­ව­රුන් තීර­ණය කර ඇත. ඒ වෙනු­වෙන් වෙනත් දින­යක පාසල් පැවැ­ත්වී­මට ද අදාළ බල­ධා­රීන් තීර­ණය කර තිබේ.

මධ්‍යම පළාතේ පව­තින 400කට අධික දෙමළ පාස­ල්ව­ලට දෙන මේ විශේෂ නිවා­ඩුව වෙනු­වට මේ මස 25 වැනි සෙන­සු­රාදා පාසල් දින­යක් පැවැ­ත්වී­මට මධ්‍යම පළාත් අධ්‍යා­පන බල­ධා­රීන් තීර­ණය කර තිබේ.

නාඋල සමූහ, සොර­ණා­තොට සමූහ, ඌව පළාත් සමූහ, ත්‍රිකු­ණා­ම­ලය විශේෂ සහ කුණ්ඩ­සාලේ සමූහ