උඩරට මාර්ගයේ දුම්රිය පීලි පැනීමක්

මහනුවර දුම්රිය ස්ථානයෙන් අද (19) පස්වරු 3.00 ට පමණ කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියක් ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

වාර්තා වන ආකාරයට, එම දුම්රියේ එක් මැදිරියක් පමණක් මෙලෙස පීලි පැනීමකට ලක් වී තිබෙනවා.

මෙම අනතුර හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා මතුව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.