යුද්ධ හමුදා බහුවිධ වෛද්‍ය සායනය 08වැනි වරටත්

ආබාධිත රණවිරුවන්, විශ්‍රාමික රණවිරුවන්/ක්‍රියාන්විත හේතූන් මත මියගිය රණවිරුවන්ගේ ලඟම ඥාතීන් හා සේවයේ යෙදී සිටින රණවිරුවන්ගේ ලඟම ඥාතීන් සඳහා පවත්වනු ලබන විශේෂ බහුවිධ වෛද්‍ය සායනයේ අටවන අදියර ලබන අඟහරුවාදා(21)පැවැත්වේ.

එදින පෙරවරු 07.00 සිට පස්වරු 04.00 දක්වා පුත්තලම, සින්නවිල්ලු වත්ත යුද්ධ හමුදා කඳවුරේදී විශේෂ බහුවිධ වෛද්‍ය සායන පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතාගේ සංකල්පයක් මත මෙය ක්‍රියාවට නංවයි.