මහ බැංකුව නිකුත් කරන සතිපතා ආර්ථික දත්ත වාර්තාව අනුව වසරේ මේ දක්වා ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණය සියයට 3 යි දශම 4 ක් ලෙස සටහන් වෙනවා.
සතිය තුළ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර අනුපාතය පුළුල් ලෙස ස්ථාවරව පැවතුණා.
විදේශ ආයෝජකයන් සතු බිල්පත් සහ බැඳුම්කර වල රුපියල් වටිනාකම පෙර සතියට සපේක්ෂව සියයට 8කින් වැඩිවී තිබෙනවා.