නේපාලයේ සිට අත්අඩංගුවට ගෙන රැගෙන ආ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකාවක් වන ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබා දුන් බව කියන, අලුත්ගම පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇයගෙන් සිදුකළ ප්රශ්න කිරීම් හමුවේ අදාළ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
එසේ අත්අඩංගුවට ගත් තැනැත්තා අදාළ කාන්තාවගේ බෑණා වන බව පොලීසිය සඳහන් කර සිටියා.
මීට අමතරව, මාස එකහමාරක පමණ කාලයක් ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබා දුන් තවත් පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා ‘මතුගම ශාන්’ නැමති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ ගෝලයෙකු බවයි පොලීසිය සඳහන් කර සිටියේ.