ජීවිත අවදානම හෝ ආරක්ෂාව ගැන නොසිතා රට ජාතිය ගැන සිතා කටයුතු කළ යුද වීරයන්ට ඉන්දියානු රජය සලකන්නේ ඉතාම ඉහළින් බවත්, නමුත් ශ්‍රී ලංකා රජය එසේ නොසලකන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.
පාරිභෝගික සහ නිෂ්පාදන ගොවි ජනතාව යන දෙපිරිසටම වැඩි වාසි අත්වන ආකාරයට භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට නව වෙළෙඳපොළ යන්ත්‍රණයක් සකසා තිබෙන කසාගල සමූහ ව්‍යාපාරයේ මූලස්ථානය කොළඹ බත්තරමුල්ල කොස්වත්ත ප්‍රදේශයේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජයසේකර මහතා එසේ කීය.
එහිදී වැඩිදුරටත් ඔහු කියා සිටියේ, ඉන්දියාව රණවිරුවන්ට සලකන ආකාරයත්, ශ්‍රී ලංකාව සලකන ආකාරයත් අහසට පොළොව මෙන් අසමානතා පවතින බවයි.
එහිදී ඒ මහතා මෙසේ ද කීය.
ඉන්දියාවේ දසලක්ෂයක් වූ හමුදාවට නායකත්වය දුන් ඉන්දියාවේ පළමු ෆීල්ඩ් මාර්ෂල්වරයා සෑම් මනුක්ෂ්යයා නම් වූ රණවිරුවාට විශ්‍රාම ලැබීමෙන් පසු සෑම පහසුකමක්ම සැපයීමට ඉන්දියන් රජය කටයුතු කළා. නමුත් ශ්‍රී ලංකාවේ තිස් වසරක යුද්ධය නිමා කිරීමට නායකත්වය සැපයූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන්නේ නෑ.
තම ජීවිත අවදානම ගැන නොසිතා රට වෙනුවෙන් සහ ජාතිය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් තීන්දු තීරණ ගෙන කටයුතු කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සේවය ඉතාම ප්‍රශංසනීයයි. යුද ජයග්රහණයෙන් පසු පාලන බලය ගෙනයෑමේදී යම් යම් වැරදි අඩුපාඩු එතුමා අතින් සිදුවන්න ඇති. ඒවා පිළිබඳව වෙනම තර්ක කළ හැකියි. නමුත් ඔහු ජනාධිපතිවරයා ලෙස කළ සේවය සලකා බලා ජීවිත ආරක්ෂාව සහතික කිරීමට රජය කටයුතු කළ යුතුයි.
ලෝකයේ අසීරු, අමාරු තීන්දු තීරණ ගන්නා නායකයන් කාලයෙන් කාලයට බිහිවෙනවා. එවන් නායකයෙක් ලෙස මහින්ද රාජපක්ෂ මහතා සැලකිය හැකියි. අපේ රටේ තිස් වසරක යුද්ධය හිටපු ජනාධිපතිවරු ගණනාවකට නිමා කරන්න නොහැකි වුණා. නමුත් මහින්ද රාජපක්ෂ මහතා එය නිම කිරීමට නායකත්වය දුන්නා. අද ඔහු කිසිම ආරක්ෂාවක් නැතිව තංගල්ලට වී සිටිනවා. තවම සතුරු කඳවුරුවලින් හිටපු ජනාධිපතිට තර්ජන තියනවා. මේවා පිළිබඳව විශ්ලේෂණයක් කර එතුමාගේ ආරක්ෂාව සහතික කළ යුතුයි. තවමත් කොටි සෙවණැලි තිබෙනවා. ඒ නිසයි අප මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සහතික කිරීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින්නේ.