ලංකා ස.තො.ස. මගින් රුපියල් මිලියන 200ක් වැය කර කිලිනොච්චිය ප්රදේශයේ ඉදිකළ සිව්මහල් ගොඩනැගිල්ලක් රුපියල් ලක්ෂ 2ක මාසික කුලියකට ලබාදී ඇති බව කෝප් කමිටුව හමුවේදී අනාවරණය වුණා.
එමෙන්ම භාණ්ඩාගාර අනුමැතියකින් තොරව ලංකා ස.තො.ස. සමාගමේ නිලධාරීන් ඇතුළු සේවකයින්ට රුපියල් ලක්ෂ ගණනින් දිරි දීමනා ගෙවීම ඇතුළු වංචා දූෂණ රැසක්ද එහිදී හෙළිව තිබුණා.