තැපැල්පතිගේ කතාවට සේවකයෝ එරෙහි වෙති : ගන්නා ක්‍රියාමාර්ග ගැන අද තීරණයක්

තැපැල්පතිවරයාට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද දිනයේදී (07) අවසන් තීරණයකට එළැඹෙන බව තැපැල් වෘත්තිය සමිති පවසනවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එම වෘත්තිය සමිති පැවසුවේ, තැපැල් සේවකයින් පිළිබඳව තැපැල්පතිවරයා කළ ප්‍රකාශය හෙළා දකින බවයි.

එමෙන්ම ලෝක තැපැල් දිනය සැමරෙන ඔක්තෝබර් 9 වැනිදා ඊට විරෝධය පා කළු පටි පැළඳ සේවයට වාර්තා කරන බවයි ඔවුන් පැවසුවේ.

තැපැල් නිලධාරීන්ගේ වංචනික සහ අකාර්යක්ෂම සේවාව නිසා තමන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව තැපැල්පති රුවන් සත්කුමාර පසුගියදා සඳහන් කළා.

තැපැල්පතිවරයාගේ මෙම ප්‍රකාශයට එරෙහිව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තැපැල් වෘත්තිය සමිති අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි.