ගම්පොළ – දොළුව මාර්ගයේ අනතුරකින් කාන්තාවන් තිදෙනෙක් මරුට

ගම්පොළ, දොළුව මාර්ගයේ සිදුවු අනතුරකින් මාර්ගයේ ගමන්ගත් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරෙන් තවත් පුද්ගලයෙක් තුවාල ලබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මාර්ගයේ ගමන්ගත් මෝටර් රථයක් ලොරි රථයක ගැටී අනතුර සිදුව ඇති අතර, එම අවස්ථාවේ දී මාර්ගයේ ගමන්ගත් සිල් සමාදන් වීමට ගිය කාන්තාවන් තිදෙනෙකු මෙලෙස අනතුරට ලක්වී මියගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.