කජ්ජාගේ පුත්‍රයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට CID ය සූදානම් වෙයි

ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ කජ්ජාගේ පුත්‍රයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සිදුවන අවස්ථාවේ අනුර විදානගමගේ හෙවත් කජ්ජා තාජුඩීන්ගේ රියට පිටුපස ගමන්ගත් සැකකටයුතු රියක සිටි බවට කජ්ජාගේ බිරිඳ පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් කර තිබුණා.

පසුව කජ්ජාගේ  පුත්‍රයා මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් සිය මව කළ අනාවරණය ප්‍රතික්ෂේප කළ අතර අදාළ වීඩියෝව සිය පියාගේ පවුලේ ඥාතීන්ටද පෙන්වා ඒ ගැන පරීක්ෂාවක් නොකරන්නේ ඇයිදැයි පොලිසියෙන් විමසා සිට තිබුණා.