දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් පරෙවියන් 32 දෙනකු සොරකම් කර ඇති බව දෙහිවල පොලිසියට පැමිණිලි කළ බව දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ආර්.සී. රාජපක්ෂ ප්‍රකාශ කරනවා.
මෙම සොරකම සිදුව ඇත්තේ පසුගිය 4වෙනිදා රාත්‍රී කාලයේදී.
සතුන් රඳවා සිටි කූඩුවක් කඩා මෙම පරෙවියන් සොරකම් කරගෙන ඇති බවත් මෙම පරෙවියන් අධිකරණ නියෝගයක් යටතේ නඩු භාණ්ඩ වශයෙන් දෙහිවල සත්තු වත්තේ සිටි පරෙවියන් බවත් අධ්යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙනවා.
මෙතෙක් මෙම සොරකමට සම්බන්ධ කිසිදු තොරතුරක් හෝ සොරාගත් පරෙවියන් පිළිබඳව හෝ කිසිවක් හෙළි වී නොමැති බව දෙහිවල පොලිසිය සඳහන් කරනවා.
දෙහිවල පොලිසිය මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතී බවයි ප්‍රකාශ කරන්නේ.








