ජෝර්ජි­යාවේ විරෝ­ධ­තා­ක­රුවෝ ජනා­ධි­පති මන්දි­රය වට­ලති

ජොර්ජි­යාවේ නග­ර­සභා මැති­ව­ර­ණ­යෙන් අති­වි­ශිෂ්ට ජයක් ලැබූ බවට පාලක ජෝර්ජි­යන් ඩ්‍රීම් පක්ෂය නිවේ­ද­නය කිරී­මත් සමඟ එරට රජ­යට එරෙහි විරෝ­ධතා පැතිරී ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පාලක පක්ෂය ඡන්ද දුෂණ සිදු කරන බවට චෝදනා කර­මින් විප­ක්ෂයේ ප්‍රධාන පක්ෂ දෙකක් ද මැති­ව­ර­ණය වර්ජ­නය කළ බව වාර්තා වේ. පෙරේදා පැවති නගර සභා මැති­ව­ර­ණ­යේදී පාලක පක්ෂය 80%ක ජයක් වාර්තා කළ බව ප්‍රකාශ කර ඇති අතර, එම මැති­ව­ර­ණය දූෂිත බවට චෝදනා කර­මින් එම විරෝ­ධ­තාව ආරම්භ වූ බව වාර්තා වේ. මැති­ව­ර­ණ­යෙන් පසු විරෝ­ධ­තා­ක­රු­වන් ටිබි­ලිස් අග­නු­වර පිහිටි ජනා­ධි­පති මන්දි­ර­යට කඩා වැදී­මට උත්සාහ කර ඇතැයි ද වාර්තා වේ. විරෝ­ධතා­ක­රු­වන් මැඬ පැවැ­ත්වී­මට එරට කැරලි මර්දන පොලී­සිය කඳුළු ගෑස්, ජල ප්‍රහා­ර­ව­ලට අම­ත­රව ගම්මි­රිස් භාවිත කර ඇති අතර, ඉන් කෝප­යට පත් විරෝ­ධ­තා­ක­රු­වන් ප්‍රචණ්ඩ ලෙස හැසි­රෙ­මින් පොලී­සිය සමඟ ගැටුම් ඇති­ක­ර­ගත් බව විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

ගැටු­ම්ව­ලින් පසු විරෝ­ධ­තා­ක­රු­වන් පස්දෙ­නකු පොලී­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ බවත්, පොලිස් නිල­ධා­රින් ඇතුළු 21 දෙනකු තුවාල ලබා ඇති බවත් වාර්තා වේ.