දිස්ත්‍රික්ක පහක ප්‍රා.ලේ.කොට්ඨාශ දහයකට නාය අනතුරු පණිවිඩ

පවතින අධික වර්ෂාවත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් අද (4) පස්වරු 6.00 සිට හෙට (5) පස්වරු 6.00 දක්වා දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10කට නායයාමේ පුර්ව අනතුරු හැඟවීමේ පණිවිඩ නිකුත් කර තිබෙනවා.

බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල, ඇල්ල, හාලි ඇල, පස්සර, මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිළ, බඩල්කුබුර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල, සහ මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් සඳහා මෙසේ නායයාමේ පුර්ව අනතුරු පණිවිඩ අද (04) පස්වරුවේ නිකුත් කෙරුණා.

මේ අතර අද (4) පස්වරුවේ පතිත වූ ධාරාණිපාත වර්ෂාවත් සමඟ අකුණුසර වැදීමෙන් හාලි ඇල උඩුගම ප්‍රදේශයේ ගවයින් දෙදෙනකු මියගිය බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.