අද (04) දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගූණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහිදී, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව යන පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි දැක්වෙන්නේ.
සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සදහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින අතර, එබැවින් ඒ සමඟ ඇති විය හැකි තද වැසි, තද සුළං සහ ප්‍රබල අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට කාලගූණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.