චිම්පන්සි සත්ත්වයන් පිළිබඳ පර්යේෂණ සහ අධ්‍යයනයන් සිදු කිරීම සම්බන්ධයෙන් ලොව ප්‍රකට විශේෂඥවරියක වන ජේන් ගෝඩෙල් අභාවප්‍රාප්ත වී ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සංචාරයක නිරතව සිටියදී ඇය අභාවප්‍රාප්ත වී ඇති බවයි.
ඇය මිය යන විට 91 හැවිරිදි වියේ පසුවිය.
චිම්පන්සීන් සහ මිනිසුන් අතර පවතින සම්බන්ධතාව සම්බන්ධයෙන් ඇය විසින් සිදු කළ පරීක්ෂණවලින් කරුණු රැසක් අනාවරණය වී ඇති බවත් එමඟින් පෙර පැවති මතවාදයන් වෙනස් කිරීමට ද හැකියාව ලැබී තිබෙයි.