ඉන්දීය නාවික හමුදාවට අයත් INS SATPURA නෞකාව කොළඹ වරායට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SATPURA’ නෞකාව කොළඹ වරායට පැමිණ තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම සිදුකර ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

‘INS SATPURA’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට ද නියමිත බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ.