රට තුළ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණයේ වැඩිවීමක් පෙන්නුම් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් මහතා පවසයි.
මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මේ වසරේ ගතවූ කාලය තුළ ව්‍යාජ මුදල් නෝට්ටු 743 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි.
ඒ අතරින් රුපියල් පන්දහසේ නෝට්ටු 407 ක් ව්‍යාජ නෝට්ටු වන බව ඔහු සදහන් කළේය.
දෛනික අවශ්‍යතා අනුව භාණ්ඩ මිලදී ගැනීමේදී හා විවිධ ගනුදෙනු සඳහා මුදල් පරිහරණය කිරීමේදී එම මුදල් ව්‍යාජ මුදල් නෝට්ටුද යන්න පිළිබඳව සුපරීක්ෂාකාරීව හා අවධානයෙන් යුතුව තහවුරු කර ගන්නා ලෙස පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.
මුදල් නෝට්ටු ව්‍යාජ නොවන බවට තහවුරු කර ගැනීමෙන් පසුව මුදල් නෝට්ටු පරිහරණය කිරීමටත් එවැනි ව්‍යාජ මුදල් නෝට්ටු සන්තකයේ තබා ගැන්නා හෝ ගනුදෙනු කරන පුද්ගලයින් පිළිබඳව තොරතුරු ලද වහාම ශ්‍රී ලංකා පොලීසිය දැනුවත් කරන ලෙසද දැනුම් දෙයි.