බලවත්ගමදි තියුණු ආයුධයකින් ඇණ පුද්ගල ඝාතනයක්

පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් හෙම්මාතගම පොලිස් වසමේ බලවත්ගම ප්‍රදේශයේදී සිදු කර ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (20) රාත්‍රී කාලයේ හෙම්මාතගම පොලිස් වසමේ බලවත්ගම ප්‍රදේශයේදී මෙම අපරාධය සිදුකර ඇති බවට හෙම්මාතගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන කටයුතු සිදු කරන බවයි පොලිසිය පවසන්නේ,
මරණකරු වයස අවුරුදු 21 ක් වූ දෙවනගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය සඳහන් කරනවා.

වයස අවුරුදු 23 ක් වයස ඇති සැකකරුවකු සිද්ධියට සම්බන්ධ අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙම්මාතගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි සඳහන් වන්නේ.

පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කරනවා.

මෘත ශරීරය හෙම්මාතගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පොලිසිය සඳහන් කරනවා.