මගී ප්‍රවාහනයට සම්බන්ධ රියදුරන් දෙසැම්බර් 31 වැනිදාට පෙර පොදු ප්‍රවාහන බලපත්‍රය ලබාගැනීම අනිවාර්ය බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
එම බලපත්‍රය සඳහා මේ වන විට සැලසුම් සකස් කරමින් පවතින බව අම්පාරේ ඊයේ (20) පැවැති රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළා.
පොදු ප්‍රවාහනයට පැමිණිය යුත්තේ වගකීමක් ඇති මිනිසුන් පිරිසක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.