පිටකොටුවේ ගින්න පැය 03කට පසු මැඩ පවත්වයි

පිටකොටුව පළමුවැනි හරස් වීදියේ විදුලි උපාංග අලෙවිසැලක අද (20) පස්වරුවේ ඇති වූ ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වූ බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ පැය තුනකට අධික කාලයක් තිස්සේ දැරූ මහත් පරිශ්‍රමයකින් අනතුරුවයි.

අද පස්වරුවේ ඇතිවු ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 15ක් යොදාගත් අතර, අනතුරුව ගුවන් හමුදාවේ බෙල් 212 ගුවන් යානයක සහායද ලබා ගැනීමට සිදු වුණා.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.