හොරණ – රත්නපුර මාර්ගයේ ගමනාගමනය ගැන විශේෂ දැනුම්දීමක්

හොරණ – වෑවල, ඉසිපතන පුරණ රජමහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පෙරහර හේතුවෙන් හොරණ – රත්නපුර ප්‍රධාන මාර්ගයේ ධාවන කටයුතු අද රාත්‍රියේ සීමා කෙරෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. ඒ අනුව රාත්‍රී 7 සිට පෙරහර අවසන් වන තෙක් ගමනාගමන කටයුතු සීමා කිරීමට නියමිත වේ.
එම කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිිටියි.