දේවාලේගම පොලිස් වසමේ බටුවත්ත ප්රදේශයේදී පුද්ගලයෙකු විසින් ඊයේ (19) ඔහුගේ බිරිඳට හා පුතාට පහරදී පුත්රයා ඝාතනය කර ඇති බව දේවාලේගම පොලිසිය සඳහන් කරනවා.
තුවාල ලැබූ බිරිඳ කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මරණකරු වයස අවුරුදු 35ක් වූ බටුවත්ත, හැලමඩ ප්රදේශයේ පදිංචිකරුවෙක්.
පවුල් ආරවුලක් හේතුවෙන් පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්රාත් පරීක්ෂණ සිදුකිරීමට නියමිත අතර, දේවාලේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.