සිය පියාගේ අභාවය සැළවීමත් සමග ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක දුනිත් වෙල්ලාලගේ අද(19)උදෑසනය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔහු අබුඩාබි නුවර සිට අද උදෑසන 08.25 ට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 392 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය.
වහා ගුවන් තොටුපොළෙන් නිශ්කාශනය වූ ඔහු කටුනායක ගුවන් තොටුපොළෙන් කඩිනමින් පිට වී ගියේය.