චාලි කර්ක් ඝාතන සැකකරුට මරණ දඬුවම නියම කිරීමේ උත්සාහයක්

අමෙරිකාවේ කන්සර්වේටිව් ක්‍රියාකාරික චාලි කර්ක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ටයිලර් රොබින්සන් නැමැත්තාට නීතිඥවරු විසින් දරුණු මිනීමැරුම් චෝදනා එල්ල කරමින් මරණ දඬුවම නියම කළ යුතු බව ප්‍රකාශ කර ඇත.

අඟහරුවාදා එම නීතිඥයින් මෙලෙස මරණ දඬුවම ඉල්ලා සිටින බව නිවේදනය කර තිබේ.

පසුගියදා උටා නිම්න විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකදී සිදු වු වෙඩි තැබීමත් සමඟ කර්ක්ගේ ඝාතනය අමෙරිකාවේ දැඩි කම්පනයක් ඇති කළ අතර එය එරට ප්‍රචණ්ඩත්වයේ නවතම සිදුවීම බවට ද පත්විය.

උටා ප්‍රාන්ත නඩු පවරන්නන් විසින් 22 හැවිරිදි සැකකාර රොබින්සන්ට චෝදනා එල්ල කර ඇත්තේ චෝදනා පත්‍රයක් වෙනුවට තොරතුරු ලේඛනයක් හරහා බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ චෝදනා පත්‍ර ලේඛනය, සැක සහිත මිනීමැරුම් අවිය පිළිබඳව මෙන්ම DNA සහ කෙටි පණිවුඩ පාපොච්චාරණයක් ඇතුළුව විමර්ශකයින් විසින් එකතු කරන ලද සාක්ෂි වලින් සමන්විත එක්ක බව වාර්තා වේ.