දියවඩන නිලමේ ධුරය ගැන මතුව ඇති තත්ත්වය ගැන මහා නාහිමිවරුන්ගෙන් නිවේදනයක්

දියවඩන නිලමේ ධුරය සම්බන්ධයෙන් සිදු කෙරෙන අපහාසාත්මක සංවාද සහ එමඟින් ශ්‍රී දළදා මාළිගාවේ, උභය මහා විහාරයන්ගේ හා සමස්ත බෞද්ධ සමාජයේ ගෞරවයට සිදු වන හානිය පිළිබඳව දැනුවත් කරමින්, මල්වතු – අස්ගිරි මහා නාහිමිවරුන් විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, පුද්ගලික න්‍යාය පත්‍රයන් පෙරදැරි කර ගනිමින් විවිධ සංවිධාන හා පුද්ගලයන් මෙම කාලසීමාව තුළ බෞද්ධ සමාජය අපහසුතාවට පත් කරමින් පටු චේතනාවෙන් කරන පදනම් විරහිත වෛරී සහගත ප්‍රකාශයන් හෙළා දකින බවයි මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරුන් සඳහන් කරන්නේ.

එවැනි පටු අරමුණු ප්‍රතික්ෂේප කරමින්, ශ්‍රී දළදා මාළිගාවේ මෙන්ම දියවඩන නිලමේ ධුරය, බස්නායක නිලමේ ධුරය ඇතුළු සිද්ධස්ථාන හා සබැඳි නිලයන්ගේ සම්භාවනීයත්වය මෙන්ම ගෞරවය ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීමට සියලුම අපේක්ෂකයන් අධිෂ්ඨාන කර ගත යුතු බවට අවධාරණය කරන බවයි එම නිවේදනය මඟින් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

 news images