විදුලි සේවකයන් අද සහ හෙට ලෙඩ නිවාඩු වාර්තා කරයි

ලංකා විදුලිබල මණ්ඩල සේවකයන් විසින් අද (17) සහ හෙට (18) ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය නිසි පරිදි සිදු කරන ලෙස ඉල්ලා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටියද, මෙතෙක් ඊට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවද විදුලිබල මණ්ඩල නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත වැඩිදුරටත් සඳහන් කර සිටියා.