පොලිස්පති ධුරයේ වැඩ බැලීමට ලලිත් පතිනායක පත් කෙරේ

චීනයේ පැවැත්වෙන පොලිස් සමුළුවකට සහභාගි වීම සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

පොලිස්පතිවරයා ඊයේ (15) රාත්‍රියේ චීනය බලා පිටත්ව ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව, පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා මධ්‍යම පළාත් සහ පොලිස් පරිපාලන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.