මිනිස් ජාවාරම්කරුවන් විසින් අතරමං කළ පුද්ගලයන් 06 ක් නාවික හමුදා භාරයට

මිනිස් ජාවාරම්කරුවන් විසින් අතරමං කර දමා ගොස් ඇතැයි සැක කෙරෙන පුද්ගලයන් 06 දෙනෙකු තලෙයිමන්නාරම වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

පසුගිය 13 වැනිදා සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, මිනිස් ජාවාරම්කරුවන් විසින් ඔවුන් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් ඇති බවයි සඳහන් වන්නේ.

ඔවුන් වයස අවුරුදු 8 – 56 අතර වයසේ පසුවන, වව්නියාව, මඩු සහ කොක්කඩිචෝලේ යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් බවට අනාවරණය වී ඇති අතර, එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලීසිය වෙත භාරදීමට පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.