මාස 21කදී කෝටි 27ක වත්කම් උපයලා ස්ථාවර තැන්පතු 4ක් බිරියටත් ස්ථාවර තැන්පතු 4ක්

කෝටි 14ක නිවාස 2ක්
ලක්ෂ 180ක ජීප් රියක්
අල්ලස් කොමිසම කියයි
හිටපු ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහ­තාගේ පුත් රමිත් රඹු­ක්වැල්ල මහතා විසින් හෙළි කළ නොහැකි වත්කම් මඟින් මිලදී ගෙන ඇති රුපි­යල් කෝටි 14කට අධික වටි­නා­ක­ම­කින් යුතු නිවාස 2ක්, එක් කෝටි අසූ ලක්ෂ­යක් වටිනා මුදල්, ඩිස්ක­වරි ජීප් රථ­යක් මෙන්ම බැංකු ගිණුම් 4ක්, බිරි­යට අයත් ගිණුම් 4ක් ඇතුළු දේපළ රැසක් පව­තින බව අල්ලස් කොමි­සම පව­සයි.

මේ නිවාස දෙක කොළඹ 07, ධර්ම­පාල මාවතේ ඇති සුඛෝ­ප­භෝගී නිවාස සංකී­ර්ණ­ය­කින් මිලදී ගෙන ඇති අතර, එයින් එක් නිවෙ­සක් රුපි­යල් කෝටි 8ක් සහ අනෙක් නිවෙස රුපි­යල් හය කෝටි පන­ස්ල­ක්ෂ­යක් වේ.

කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහතා සෞඛ්‍ය ඇමැ­ති­ව­රයා වශ­යෙන් කට­යුතු කළ සම­යේදී මාස 21ක කාල­යක් තුළ ඔහු මෙසේ රුපි­යල් කෝටි 27කට අධික වටි­නා­ක­ම­කින් යුත් වත්කම් උප­යා­ගෙන ඇතැයි දූෂ­ණය වරද යටතේ අල්ලස් කොමි­සම ඔහුට එරෙ­හිව සිදු කළ විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය කර ඇත.

කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහතා සෞඛ්‍ය ඇමැති ධුරය දරන සම­යේදී රමිත් රඹු­ක්වැල්ල ඔහුගේ පෞද්ග­ලික ලේක­ම්ව­රයා වශ­යෙන් ද කට­යුතු කර තිබූ බව පව­සන කොමි­සම මේ විම­ර්ශන සඳහා ප්‍රකාශ ගණ­නා­වක් මේ වන විටත් සට­හන් කර ඇතැයි ද කියයි. 2022 ජන­වාරි මස 01 වැනිදා සහ 2023 නොවැ­ම්බර් මස 14 වැනිදා දක්වා මාස 21ක කාල­සී­මාව තුළ ඔහු රුපි­යල් 296,566,444.76ක් වටිනා වත්කම් සහ දේපළ මෙසේ උප­යා­ගෙන ඇතැයි ද, එම වටි­නා­ක­ම­කින් යුත් මුදල් හා දේපළ උපයා ගත් ආකා­රය හෙළි­ද­රව් කිරී­මට රමිත් රඹු­ක්වැල්ල අපො­හො­සත් වී ඇතැයි ද කොමි­සම වැඩි­දු­ර­ටත් කියයි.

ඒ අනුව අල්ලස් කොමි­සම මහා­ධි­ක­ර­ණය හමුවේ දූෂණ විරෝධී පනත යටතේ අධි­චෝ­දනා පසු­ගිය 12 වැනිදා ගොනු කර තිබිණි. එසේම ඔහුගේ හා බිරි­යගේ නම්ව­ලින් ඇති බැංකු ගිණු­ම්වල ස්ථාවර තැන්පතු ආරම්භ කර ඇති බව අනා­ව­ර­ණය වී ඇතැයි ද අල්ලස් කොමි­සම කියා සිටි අතර, තවත් අංශ ගණ­නා­වක් ඔස්සේ මේ සම්බ­න්ධ­යෙන් විම­ර්ශන සිදු කරන බව ද කීවේය.

සුභා­ෂිණී සේනා­නා­යක