ගලේවෙල දේවහූව ජලාශයේ දිය නෑමට ගිය දරුවෙකු දියේ ගිලී ඊයේ (14) මිය ගොස් ඇති බව ගලේවෙල පොලිසිය පවසයි.
දේවහූව ජලාශයේ දිය යෑමට ගිය 11 හැවිරිදි පිරිමි දරුවෙකු මෙලෙස දියේ ගිලී මිය ගොස් ඇති බව සඳහන් වෙයි.
මිය ගිය දරුවා තම පියා හා ඥාතීන් සමඟ ඉහත කී ජලාශයේ දිය නෑමට ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී අතුරුදහන්ව ඇති අතර අනතුරුව ඥාතීන් හා ප්රදේශවාසීන් එක් ගිලුණු දරුවා ගොඩ ගෙන ගලේවෙල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඥාතීන් වෙත භාරදී ඇත.