ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ රිච්ටර් මාපක 5.8ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබෙනවා.
අද (14) පස්වරු 4:41ට මෙම භූ කම්පනය වාර්තා වී ඇති අතර ගුවහාටි නගරය ඇතුළු ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට භූකම්පනය දැනී ඇති බවයි විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ.
කිසිඳු ජීවිත හානියක් හෝ දේපළ හානියක් මෙතෙක් වාර්තා වී නැහැ.