වැලිගම පොලිස් වසමේ, වැලිගම-අකුස්ස මාර්ගයේ දෙනිපිටිය හන්දිය ආසන්නයේදී ඊයේ (13) සවස් කාලයේ සිදුවූ මාරක රිය අනතුරකින් යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වැලිගම පොලිසිය පවසනවා.
අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැලිගම දෙස සිට අකුස්ස දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක, ප්රවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක් ගැටී අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු ගාල්ල රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇති අතර එසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 33ක් වන,දෙඩගල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මෘත ශරීරය ගාල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වැලිගම පොලිසිය විසින් සිදුකරනු ලබනවා.