චාර්ලි කර්ක් ගේ මරණයෙන් පසුව බිලියනපති එලෝන් මස්ක් විසින් කර්ක්ගේ දරුවන්ගේ සියලු ජීවන වියදම් හා අධ්‍යාපන වියදම් දරන බව ප්‍රකාශ කර තිබේ.
යූටා විශ්වවිද්‍යාලයේදී පසුගියදා අනපේක්ෂිත වෙඩි පහරට ලක් වූ චාර්ලි කර්ක් මරණයට පත් විය.
කර්ක්ගේ දරුවන් වයස අවුරුදු 6 හා 9 ක් වන අතර ඔවුන්ට ආරක්ෂිත නිවසක්, ගුණාත්මක අධ්‍යාපනයක් සහ ස්ථායී ජීවිතයක් ලබා දීමට වග බලාගනා බව එලෝන් මස්ක් සදහන් කර ඇත.
තවද චාර්ලි සැම විටම අන් අය වෙනුවෙන් පෙනී සිටීම නිසා ඔහුගේ දරුවන්ට සුරක්ෂිත අනාගතයක් ගොඩනැගීම සිය වගකීමක් බවයි මස්ක් වැඩි දුරටත් පෙන්වා දෙයි.
31 හැවිරිදි කොන්සර්වේටිව් ක්‍රියාකාරි චාර්ලි කර්ක්ගේ ඝාතනය සිදුව සමස්ත අමෙරිකාව කම්පනයට පත් කිරීමෙන් පැය කිහිපයකට පසු, එලෝන් මස්ක් මේ පිළිබඳ තීරණය ගැනීම විශේෂත්වයකි.
මෙම පුවත සමාජ මාධ්‍ය තුළ ElonForCharlie යන හෑෂ්ටෑග් එකක් යටතේ ප්‍රචලිත වී, ලක්ෂ ගණනක පරිශීලකයන්ගෙන් පූර්ණ ආදරය හා ගෞරවයද දිනා ගැනීමට සමත් ව ඇත.