වියලි කාලගුණයෙන් ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට බාධා

වියලි කාලගුණය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක අඛණ්ඩ ජල සැපයුමට බාධා මතුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව, පොල්අතු මෝදර ගඟට කරදිය මුසු වීම හේතුවෙන් කනංකේ ප්‍රදේශයෙන් ජලය ලබා ගැනීමේදී ගැටලු මතුව ඇති බවත්, මේ හේතුවෙන් වැලිගම සහ මිදිගම ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට බාධා මතුව ඇති බවයි එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වජිරා තිරාණගම සඳහන් කළේ.

කරදිය මුසුවීම වැළැක්වීම සඳහා එම ප්‍රදේශයේ තාවකාලික ලවණ බාධකයක් ඉදිකිරීමද ආරම්භ කර තිබෙනවා.

පවතින තත්ත්වය යටතේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.